වර්තමාන ජනාධිපති බලයට පත්වීමෙන් පසුව ගෙවී ගිය 2020, 2021 වසර දෙක තුළදී රටේ සමස්ත ණයබර රුපියල් කෝටි 525,200 ඉහල නංවා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවෙන් මේ බව හෙළිවේ. මෙම ණය ඉහල යාම අනුව 2021 වර්ෂය අවසන් වෙන විට ඒක පුද්ගල ණය බර රුපියල් 882,150/- දක්වා ඉහල ගොස් ඇත. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වන විට එම අගය රුපියල් 643,422/-ක් වී තිබිණි.
මේ අනුව ගෙවී ගිය වසර දෙක තුළ ඒක පුද්ගල ණය බර රුපියල් 238,728/- කින් ඉහල ගොස් තිබේ.
Views: 0










