මේ වනවිට ලංකාවේ පවතින ආහාර උද්ධමනය සහ බලශක්ති අර්බුදය ලෝකයට නිදර්ශන සපයන නිර්නායකයක් බවට පත්වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජියෝජියේවා ලෝකයට අනතුරු අඟවා තිබෙන්නේ මෙම ක්ෂේත්‍ර සඳහා සහනාධාර ලබා නොදුනහොත් ලංකාව වැනි තත්වයකට පත්විය හැකි බවයි. මේ වනවිට රට පුරා පවතින ඉන්ධන පෝලිම් සහ විදුලිය කප්පාදුව නිමා කරණ සැලසුම් හෝ සකස්කර නොමැති පසුබිමක මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා මෙම ප්‍රකාශය කර තිබේ.
ඊට අමතරව මෙරට උද්දමනය ලෝකයේ තෙවැනි ස්ථානයටත් විශේෂයෙන් ආහාර මිල උද්ධමනය ලෝකයේ පළමු ස්ථානයටත් පත්ව ඇති බව ඇමරිකාවේ ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ පෙන්වා දී තිබේ. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකය සම්බන්දයෙන් දත්ත සැපයීමේ නිදර්ෂනයක් බවට ශ්‍රී ලංකාව පත්කරගෙන සිටී.
Views: 0










