අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න, ඔහුගේ ඉල්ලීම මත විශේෂ ආරක්ෂණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් අද (23) හදිසියේම පත්කර ඇතයි පොලිසස් මුලස්ථානය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වන නියෝජ්‍ය පොලිස්පති දුරය සඳහා නුවරඑළිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ පත් කර ඇතැයි පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මීට පෙරද රහස් පොලිසිය බාරව කටයුතු කර තිබේ.
පසුගිය 09 වෙනිදා ගෝටාගෝගම සම මයිනාගෝගම ප්‍රදේශවලට එල්ල කරනලද ප්‍රහාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මගින් මේ වනවිට පරීක්ෂණයක් දියත් වෙමින් පවතින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්නගේ ස්ථාන මාරුව එම පරීක්ෂණ අතරතුර සිදුවීමද විශේෂිතය.










