ගෘහස්ථ ගෑස් බෙදා හැරීම භෙට (24) සිට සිදුනොවන බවත් ගෑස් පෝලිම්වල නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරන් මීට සුළු මොහොතකට පෙර පැවසීය.
ලිට්රෝ සමාගම සතුව තිබූ ගෑස් තොග අවසන් වීම නිසා ගෘහස්ථ ගෑස් නිෂ්පාදනය අත්හිටුවීමට සිදු වූ බවත් අත්‍යවශ්‍ය සේවාවලට සහ ව්‍යාපාර කටයුතු සඳහා පමණක් ගෑස් තවදුරටත් නිකුත් කරන බවත් ඔහු පවසයි.
මුදල් ගෙවා ඇති ගෑස් නෞකා දෙකෙන් එකක් ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවත් එම නෞකාවෙන් ගෑස් ගොඩබෑමෙන් පසුව ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වනවිට නැවත ගෑස් බෙදාහැරීම ආරම්භ කිරීමේ හැකියාව ඇති බවත් ඔහු පවසයි. එම කාලය තුළ ජනතාව ගෑස් පෝලිම්වල සිටීම, ගෑස් වැඩි මිලට ලබාගැනීම සහ ගෑස් තොග රැස් කිරීමෙන් වැළකී සිටින ලෙස ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.










