ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස නැග ආ දැඩි මහජන විරෝධය හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 21වන සංශෝධනය ගෙනවිත් විධායක බලතල අත්හරින බව ප්‍රකාශ කළ ද, මේ වනවිට එයට සම්පූර්ණයෙන්ම පිටුපා කුමන්ත්රණකාරී ක්‍රියාවලියක යෙදී සිටී.
අද (23) රැස්වන කැබිනට් මණ්ඩලයට 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇතත් එයට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට පෙර පක්ෂ නායකයින්ට ඉදිරිපත් කර අදහස් ලබාගත යුතු බව ප්‍රකාශ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්කිරීමෙන් පසුව මෙම දෙදෙනාම එක්වී මෙවැනි කුමන්ත්රණකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස මෙවැනි ක්‍රියාමාර්ගයකට සූදානම් වන බව ලංකා ටෘත් වෙබ් අඩවිය අද උදෑසනම වාර්තා කරනු ලැබීය.
Views: 0










