ගෝඨා පත් කළ හමුදා ලොක්කන් දෙ‌දෙනෙක් ඉල්ලා අස්වෙයි

ගෝඨා පත් කළ හමුදා ලොක්කන් දෙ‌දෙනෙක් ඉල්ලා අස්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කර සිටි විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් සහ විදේශ අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කර සිටි විශ්‍රාමික රියර් අද්මිරාල් ජයනතාත් කොළඹගේ යන දෙදෙනා එම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත.

මේ අතරින් විදේශ කටයුකු අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ජයනාත් කොළඹගේ පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වූ බව තහවුරු නොකළ වාර්තාවලින් දැක්වේ.

අද (23) සවස මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වී ඇත්තේ පසුගිය 09 වෙනි දින මයිනාගෝ ගමට සහ ගෝඨාගෝ ගමට රාජපක්ෂ මැරයන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඇති වූ විරෝධයන් මත ය. ජගත් අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව ඉල්ලා අස්වී තිබේ.

මෙම ඉල්ලා අස්වීමට ආසන්න හේතුව වී තිබෙන්නේ බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රාජපක්ෂ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දී තිබෙන බොරු ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ය.

ගෝඨාගෝ ගමට එල්ල කළ රාජපක්ෂ මැර ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීමේ ප්‍රධාන වගඋත්තරකාර රජයේ නිලධාරියා බවට දේශබන්දු පත්ව සිටී. එම ප්‍රහාරය වැළැක්වීමට අණ නොදුන්නේ පොලිස්පති සි. බී. වික්‍රමරත්න සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ජගත් අල්විස්ගේ නියෝග මත බව දේශබන්දු ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව සී.බී. වික්‍රමරත්න සහ ජගත් අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශවල සඳහන් වන්නේ යැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn