රනිල් 06වන වරටත් අගමැතිවෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (12) පස්වරු 6:30ට නව අලමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

ජනතා විරෝධට හමුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර රනිල් වික්‍රමසිංහ නව අගමැති ලෙස දිවුරුම් දෙන්නේ ඒ අනුවය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට පෙර ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අවස්ථා 05කදී දිවුරුම් දී ඇති අතර අද දිවුරුම්දෙනු ලබන්නේ 06 වන වතාවටය.

Facebook
Twitter
LinkedIn