මහින්දගේ රහසිගත මෙහෙයුම් මැදිරියක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි…

මහින්දගේ රහසිගත මෙහෙයුම් මැදිරියක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි…

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් කොළම සුගතදාස ක්‍රීඩාංගණයට අයත් හෝටලයේ කාමර 09ක් වෙන් කරගෙන පවත්වාගෙන ගිය රහසිගත මෙහෙයුම් මැදිරියක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි.

මෙම තොරතුරු හෙළිවන්නේ අද (12) උදේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ යැයි කියාගන්නා පිරිසක් වාහන දෙකකින් පැමිණ අදාළ කාමරවල තිබූ පරිඝණක ඇතුළු උපකරණ ආපසු ගෙනයාමට කළ උත්සාහයේදීය. ඔවුන් මෙම උපකරණ රැගෙනයාමට පැමිණ ඇත්තේ සුගතදාස ක්‍රීඩාංගණයේ හෝ එම හෝටලයේ පාලනාධිකාරියට අයත් කිසිදු නිලධාරියෙකු නොමැති අවස්ථාවකය. එම තත්වය මත එහි ආරක්ෂක අංශ මේ සඳහා ඉඩ ලබාදී නැත.

මේ වනවිට හෙළිවන තොරතුරු අනුව එම හෝටලයේ කාමර අංක 109, 116, 117, 118, 119, 120 ඇතුළු තවත් කාමර කිහිපයක් තිබී ඇත. මෙම කාමරයක දිනක කුළිය රුපියල් 5000ක් බවද මේ වනතෙක් අදාල ගාස්තු කිසිවක් ගෙවා නොමැති බවද අනාවරණය වෙයි. අගමැති කාර්යාලයේ යැයි කියාගන්නා පිරිසක් මෙම කාමරවල රැඳී සිටි කාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට නවාතැන් ගැනීමට අවස්ථාව නොමැති වී දැඩි අපහසුතාවලට පත්වූ අවස්තා ගැනද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn