විධායක ජනාධිපති පමණක් සිටීම අනතුරක් – මහ බැංකුව අවධාරණය කරයි

විධායක ජනාධිපති පමණක් සිටීම අනතුරක් – මහ බැංකුව අවධාරණය කරයි

සාමකාමී අරගලයට පහරදීම පිළිකුළෙන් හෙළා දකින බවත් ඉන් පසුව රට තුළ ඇති වූ තත්වයද නිමා කර නීතියේ රාමුව යටතේ කටයුතු කිරීම සහ විධායක ජනාධිපතිවරයෙකු පමණක් සිටින අකර්මන්‍ය තත්වය වහාම අවසන් කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කළේය.

මහ බැංකු අධිපති ප්‍රමුඛ ඉහළපෙළේ නිලධාරීන් විසින් අද (11) දහවල් පවත්වල ලද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගෙවී ගිය කාලය තුළ ඉතා අසීරුවෙන් ප්‍රගතිශීලී දිසාව කරා ආර්ථිකය ගෙන ගිය බවත් සාමකාමී අරගලයට පහරදීම තුළින් ඇතිකරණලද දේශපාලන අස්ථාවර භාවය නිසා දැන් තත්වය වඩාත් දරුණු වී ඇති බවත් හෙළි කළේය. මෙම තත්වය ඉක්මනින් ස්ථාවර කරගැනීම ජනාධිපති සහ මහජන නියෝජිතයන් 225දෙනා වෙත පැවරී ඇති බව පෙන්වා දුන්නේය.

ඉතා කෙටි කළක් තුළදී දේශපාලන ස්ථාවරත්වය ඇති කර නොගතහොත් රට අරාජික වීම වැලැක්විය නොහැකි බවත් දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීමට ක්‍රියා නොකරන්නේනම් තමන්ට ඉල්ලා අස්වීමට සිදුවන බවත් මෙම සාකච්ඡාවේදී මහබැංකු අධිපතිවරයා අවධාරණය කර තිබේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය තිබියයුතු බව මෙහිදී ඔහු පෙන්වා දෙනු ලැබීය.

Facebook
Twitter
LinkedIn