අන්තරේ සිසුන් පාර්ලිමේන්තු පිවිසුමෙන් ඉවත්වෙයි

අන්තරේ සිසුන් පාර්ලිමේන්තු පිවිසුමෙන් ඉවත්වෙයි

තීරණයක් ගැනීමට ආණ්ඩුවට කල් ලබාදෙ බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩයේ සිසුන් පාර්ලිමේන්තු පිවිසුමෙන් තාවකාලිකව ඉවත්ව තිබේ.

රටට හානිකර තීන්දු වෙනස් කිරීමට හෝ පවතින පාලනය වෙනස් කිරීමට කිසිදු ක්‍රියාකාරී මැදිහත්වීමක් නොකරණ මන්ත්‍රීවරුන්ට රට පාලනයෙන් ඉවත්වන ලෙස බලකරමින් ඊයේ (05) පස්වරුවේ සිට මෙම සිසුන් මෙහි රැඳී සිටි අතර අද (06) පස්වරුවේ විසිරි යන තුරු අවස්ථා කිහිපයදීම කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන ලදී.

අන්තර් විශ්වවිද්‍යාල සිසුන් ඉන් ඉවත් ගියත් සාමාන්‍ය ජනතාව එහි රැඳී සිටිමින් දිගටම විරෝධතා සිදු කරන ලදී.

Facebook
Twitter
LinkedIn