ජොනීගේ මැරයෝ ජවිපෙ ගුරුසංගමයට වන්දි ගෙවති

ජනතා විමුක්ති පෙරමුණේ ගුරු සංගමය වන ලංකා ගුරු‍සේවා සංගමයේ විරෝධතාවයකට පහරදීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මැරයින් එම ගුරුසංගමයට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට නියම වී තිබේ.

ලංකා ගුරු‍සේවා සංගමයට බලය හිමිව තිබූ අධ්‍යාපන සමූපකාර සමිතිය හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ බලහත්කාරය මත කොමසාරිස් පාලනයට යටතට ගැනුනු අතර ඊට එරෙහිව ගුරුසංගමයේ සාමාජිකයින් 2011 වසරේ ජූලි 06වනදා අධ්‍යාපන සමූපකාර සමිතියේ කරුණෑගල ශාකාව ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

ඒ අතරතුරදී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන් 30ක පමණපිරිසක් අංක wpGy0835 දරණ කුරුණෑගල කොළඹ ධාවනය වන බස් රථයේ පැමිණ උද්ඝෝෂකයින්ට පහර දී තිබිණි. මෙම පහරදීම වනවිටත්   පොලීසියේ 300ක පමණපිරිසක් එහි සිටි අතර එම පහරදීමෙන් විදුහල්පතිවරයෙකුට හා ගුරුවරයෙකුට බරපතල තුවාල ලබා ගුරුවරුන් 20 කටපමණ සුළු තුවාල සිදුවිය.

පසුව ලංකා ගුරුසේවා සංගමය මෙම පහරදීම සම්බන්දයෙන් කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකෙරිණ. අංක 59080 දරණ මෙම නඩුව වසර 4කට ආසන්න නඩුකාලයකට පසුව 2015.01.02 දින අවසන්නඩු තීන්දුව ප‍්‍රකාශයට පත්කෙරිණ.

එහිදී වරදකරුවන් 15 දෙනෙකු වරදපිළිගත් අතර එක්අයෙකු උසාවිය මග හැරීම සම්බන්දයෙන් ඔහුට ඒක පාර්ශවික නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය තිබේ.

වරදපිළිගත් විත්තිකරුවන් 15 දෙනා එක්අයෙකුට ලක්ෂයබැගින් ලක්ෂ 2ක වන්දි මුදලක් ගෙවා ඇත.

මැර ප්‍රහාරයේ අවස්ථා සහ මැරයන්

බරපතල තුවාල ලැබූ ගුරුවරුන් දෙදෙනා

Facebook
Twitter
LinkedIn