රට විරුවොයි වද කරුවොයි.

රටේ සංවර්ධනය උතුරා යයි. එහෙත් විදේශිකයන්ට බැල මෙහෙ කිරීමට කම්කරුවන් අපනයනය කරන ‘විදේශ රැුකියා අමාත්‍යාංශයක් ’ද තිබේ. එහි බඩ තඩි ඇමතිවරු ඇමති නෝනලා සැප විඳිති. ඔවුන්ගේ මනෝරථයන් පරිපූර්ණ කරවන රට විරුවන්ගේ ජීවිත ඇත්තට ම සුන්දර ද?

ඕ අවුරුදු පහක හයක පමණ දැරියකි. ඉංග‍්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට ඇය අතිරේක පන්ති පැවැත්වෙන නිවසකට ගියා ය. එහි ගෙහිමි කාන්තාව හා මේ කුඩා දැරිය අතර ඇති වූ සංවාදය අපට බොහෝ දේ කියන්නේ ය.

“ඔයා උදේට කෑව ද….?”

“ඔව්…….”

“කවු ද ඉවුවේ….?”

“තාත්තා ඉවුවා. මම පොල් ගාලා දුන්නා.”

“අපේ දිහා ආප්ප තියෙනවා. කමු ද…?”

“අපෝ බෑ.. මම කෑවනේ.”

”ඊයේ ?ට මොනව ද කෑවේ..?”

“බත්..”

“කවු ද උයන්නේ….?”

“තාත්තා…. ඒ වුණාට කන්න බෑනේ……. කොහොම ද එළවළු උයන්නේ….?”

“ඒක දැනගත්තට ඔයාට තව උයන්න බෑනේ. දැන්නං ආප්පයක් කන්න පුළුවන් වෙයි නේ ද….?”

“තාත්තා දැන ගත්තොත් බණියි… තාත්තට කියන්න එපා…අපේ අම්මා කොහේ ඉන්නව ද දන්නේ නෑ”

“ඔයා ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා කොහෙ ද ඉන්නේ…?”

“තාත්තත් එක්ක ගල් වැඩපළට යනවා. ලොරිය උඩ මම සෙල්ලම් කරනවා. තව මාමලා ඉන්නවා. තාත්තා එනකොට එනවා….”

මේ සිඟිත්තියගේ ජීවිතයට සංවර්ධනයේ අරුණලූ වැටී ආලෝකවත් වී තිබේ ද? සිත් පිත් ඇති මිනිසුන්ට නම් මෙවන් ජීවිත මානසික වේදනාවකි. වදයකි. ගල් වැඩපළේ මාමලා ඇයට කොතෙක් දුරට රැුකවරණය සලසනු ඇත් ද? ගෲෂාගේ මුවින් ගිලිහුණේ එම වදයේ යථාර්ථයයි.

“දෙවියො බලයි මූණ උඹේ  –  උඹව රකියි යමන් පුතේ.”

Facebook
Twitter
LinkedIn