මාතර ජවිපෙ මැයි රැලියටත් ජන ගඟක්…

මාතර ජවිපෙ මැයි රැලියටත් ජන ගඟක්…

ජනතා විමුක්ති පෙරමුණ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී අති විශාල ජනකායකගේ සහභාගිත්යෙන් අද (01) දැවැන්ත මැයි රැලියක් පවත්වන ලදී.

“ජන පීඩක ආණ්ඩුව #පන්නමු! ජනතාවාදී පාලනයක් ගොඩනගමු!” මැයෙන් පැවැත්වූ මැයි රැලියේදී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත් හේරත්, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, සමස්ත ලංකා පොදු ධීවර සම්මේලයේ කැඳවුම්කරු රත්න ගමගේ, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපති සරෝජා පෝල්රාජ් ඇතුළු පිරිසක් ජනතාව ඇමතූහ.

මැයි පෙළපාලියක්ද පැවැත්වූ අතර මේ සඳහා කලාකරුවන්, නීතීඥයින්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් සහ ආචාර්ය මහාචාර්යවරු ඇතුළු වෘත්තියකන් රැසක්ද එක් වී සිටිහය.

Facebook
Twitter
LinkedIn