ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවා ට ඖෂධ ලබා දීමට නොහැකි වීම හේතුවෙන් වත්මන් පාලනයට එරෙහිව මුහුණු පොතේ සටහනක් තැබූ බව කියන අඹුසැමි යුවළකට පොහොට්ටු පක්ෂයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලකගේ සොහොයුරා විසින් එම අඹු සැමි යුවලට ඔවුන්ගේ නිවසමට ගොස් මැර ප්රහාරයක් එල්ල කර තිබේ.
එල්ලවූ මැර ප්රහාරයක් හේතුවෙන් කිරිඳිවැල මාලිගාවත්ත ප්රදේශයේ පදිංචි එම අඹුසැමි යුවළ රෝහල්ගත කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි.
පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ සිය දරුවාට ඖෂධ ලබා ගැනීම සඳහා නගරයට ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලකගේ බාල සොහොයුරා සහ තවත් පුද්ගලයකු අඹුසැමි යුවළ ගේ නිවසට පැමිණ මෙසේ පහරදුන් බවට පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ පැමිණිලි කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි.


Views: 0










