ඥානක්කා අතුරුදහන්

ඥානක්කා අතුරුදහන්

ජනාධිපති, යුධ හමුදාපති ප්‍රමුඛ දේශපාලන බලවතුන් සහ ඉහළ නිලධාරීන් සරණ පතා යන ඥානක්කා නැමති කාන්තාව අනුරාධපුරයේ පිහිටි ඇයගේ දේව මන්දිරයෙන් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

මෙයට සති දෙකකට පමණ පෙර සිට ඇය ගැන කිසිදු තොරතුරක් නැති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. ඇයගේ දේවලය අසළ තිබෙන කුඩා පෙට්ටි කඩවලින් බාරහාර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට මේ වනවිට කිසිවෙකුත් නොපැමිණෙන බවද ඇය කොහේ සිටින්නේදැයි ආශිර්වාද ලබාගැනීමට පැමිනෙන්නන් නොදන්නා බවද එම වාර්තාවලින් දැක්වේ.

පසුගිය සමයේ ඥානක්කාගේ දේව මන්දිරයට අසීමිත හමුදා රැකවරණයක් යොදාතිබිණි. මේ වනවිට එම ආරක්ෂාවද අඩු කර ඇති බව ප්‍රදේශවාසීන්ගේ තොරතුරුවලින් හෙළි වේ.

Facebook
Twitter
LinkedIn