එදා ඔවුන්ට මාව ඕනෑ කළා – මහින්ද හැඟීම්බරවෙයි

එදා ඔවුන්ට මාව ඕනෑ කළා – මහින්ද හැඟීම්බරවෙයි

තමන්ට ලැබුණු ඡන්ද පදනම ඊලඟ මැතිවරණයේදීත් ලැබෙන බව විශ්වාස යැයිද මේ වනවිට මහින්ද රාජපක්ෂ අගමැති ධුරය අත් හැරිය යුතු බවට ප්‍රකාශ කරන පිරිසට එදා තමන්ව ඕනෑ වී සිටි බවද ගැඟීම්බරව ප්‍රකාශ කර තිබේ.

ඔහු මෙම ප්‍රකාශය කර තිබෙන්නේ ජමිලා හුසේන් සමග ඩේලි මිර්ර් පුවත්පත වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවකදීය. එම සම්මුඛ සාකච්ඡාව අද (01) ලංකාදීප පුවත්පතේ පල කර ඇත.

මහින්ද රාජපක්ෂ එම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙන්නේ “අප ලක්ෂ සංඛ්‍යාත ජනවරමක් හරහා ආවා. එක් කණ්ඩායමකට ඕන නිසා අපට යන්න බැහැ. අපට ජනවරමක් ලැබී තිබෙනවා. වෙනසක් සිදු කළ යුතු නම් එය කළ යුත්තේ මැතිවරණයකින්.” යනුවෙන්ය.

එසේම “එදා ඔවුන්ට මාව ඕනෑවුනා. ඒත් අද ඇතැම් කණ්ඩායම් ඉන්නවා මා ප්‍රතික්ෂේප කරන. ඔවුන් මට යන්න කියනවා. ඒකට කමක් නැහැ.” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn