වසර 74ක දූෂිත පාලනයට එරෙහිව, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ මෙහෙයවීමෙන් පවත්වන දැවැන්ත විරෝධතා පාගමන මේ වනවිට ගාලු මුවදොර විරෝධතා භූමිය වෙත ලඟා වී තිබේ.
එම විරෝධතා පාගමණ අද (29) දින හවස 3.00ට විහාරමහාදේවී උද්‍යානය අසළින් ආරම්භ විය.
රටේ ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනසූ, ජනතා අරගලවල නිරායුධ ජනතාවට වෙඩි තබා මර්දනය ක්‍රියාත්මක කළ ආණ්ඩුවට එරෙහිව, යන තේමාවෙන් මෙම විරෝධතාව පැවැත්වේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය පීඨයන්හි ශිෂ්‍යයන්ගේ එකතුවීමෙන් සහ වෛද්‍ය පීඨ ආචාර්ය සංගම්, වෛද්‍ය පීඨ අනධ්‍යන සංගම් සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සහයද මේ සඳහා ලබා දී තිබේ.





Views: 0










