මෙරටට හදිසියේ එවීමට සූදානම්වන විදේශ විනිමය නැවත වටයකින් කොල්ල කෑම සඳහා ආණ්ඩුවේ ප්‍රධානීන්ට සමීප ජාවාරම්කරුවන් පිරිසක් නව උපක්‍රම යොදමින් සිටින බවට මූල්‍ය විශ්ලේෂකයන් අනතුරු අඟවති.
රුපියලේ අගය කෘතීම ලෙස පාලනය කර තබා ගෙන සිටි සමයේ කළු කඩ වෙළඳපොලේ විදේශ විනිමය ගණුදෙනු විශාල වශයෙන් නතුකර ගත් කිහිප දෙනෙකු සංවිධානාත්මකව අලුත් වටයකින් විදේශ විනිමය කොල්ලකෑමට මේ මගින් උත්සාහ කරයි.
නීත්‍යානුකූල මාර්ගවලින් ලංකාවට විදේශ විනිමය සැපයීම නැවත යථා තත්වයට ගැනීමේ දැඩි උත්සාහයක් වර්තමාන මහ බැංකු අධිපති ඇතුළු මූල්‍ය බරධාරීන් දරමින් සිටින පසුබිමක මෙම නව ජාවාරම් කල්ලිය සංවිධානය වී සිටිති. බැසිල් රාජපක්ෂ කළු කඩ මූල්‍ය වෙළඳපොල සමඟ පසුගිය යුධ සමයේ රජය ගණුදෙනු කළ බව ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම ජාවාරම් කල්ලියට අමතර වටිනාකමක් එකතු විය.
0










