ගාලු මුවදොර අරගලකරුවෝ අරලියගහ මන්දිරය ඉදිරිපිටට යති…

ගාලු මුවදොර අරගලකරුවෝ අරලියගහ මන්දිරය ඉදිරිපිටට යති…

ගාලු මුවදොර අරගල භූමියේ සිටින පිරිස අද (23) සන්ධ්‍යාවේ විරෝධතා පෙලපාලියකින් අරලියගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරවූහ.

එම අරගල භූමියේ මේ වනවිට දින 15ක් තිස්සේ විරෝධතා පවත්වාගෙන යන අතර පසුගිය 19 වනදා රඹුක්කනදී පොලීසිය වෙඩි තබා ඝාතනය කළ චමින්ද ලක්ෂාන් තරුණයා සිහිකරමින් සහ එම මිලේච්ච ක්‍රියාවට විරෝධය දක්වමින් මෙලෙස අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරතවූහ.

ලේ තැවරුණු සුදු රෙදි කඩක් ලෙස පිළිබිඹුවන ආකාරයට සකස් කර තිබූ “ජනතා අරගලයේදී මරා දැමූ චමින්ද සොයුරාට අරගලකරුවන්ගේ ආචාරය” ලෙස සඳහන් බැනරයක් ප්‍රධර්ශනය කරමින් පැමිණි ඔවන් ලේ තැවුරුණු අයුරු දැක්වෙන් කුඩා සුදු කොඩියක් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පොලිස් මාර්ග බාදකවල සහ අරලියගහ මන්දිරයේ ගේට්ටු කණුවල එල්ලන ලදී.

Facebook
Twitter
LinkedIn