ජවිපෙන් මෙවර රට පුරා මැයි රැලි 04ක්

ජවිපෙන් මෙවර රට පුරා මැයි රැලි 04ක්

ජාත්‍යන්තර මැයි දිනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙවර රට පුරා මැයි පෙලපාලි සහ රැලි 04ක් සංවිධානය කර ඇති බව එම පක්ෂය පවසයි.

ඒ අනුව මැයි 01 දින කොළඹ, මාතර, අනුරාධපුර සහ යාපනය යන නගරවදී මෙලෙස මැයි පෙලපාලි හා රැලි සංවිධානය කර තිබේ.

යාපනයේදී පැවැත්වෙන මැයි පෙලපාලිය සහ රැලිය මැයි 01 උදේ 10ට පැවැත්වෙන අතර කොළඹ, මාතර සහ අනුරාධපුර නගරවදී පැවැත්වෙන මැයි රැලිය එදින පස්වරු 03ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

පක්ෂය විසින් එකම දිනයක රටපුරා මැයි පෙලපාලි සහ රැලි 04ක් පවත්වන පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.

Facebook
Twitter
LinkedIn