ශවේන්ද්‍ර නිල ඇඳුම කිළිටි කරයි

ශවේන්ද්‍ර නිල ඇඳුම කිළිටි කරයි

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවත්වාගෙන යන වට්ස්ඇප් සමාජ ජාලාවේ සමූහයකට (Group) එක්කර තිබෙන පෝස්ටුවක් පිට කවයකට ගොස් ඇති අතර එම පළකිරීම පිළිබඳව දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

එම පෝස්ටුවේ පළකර ඇත්තේ රඹුක්කනදී පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද පුරවැසියා අපරාධකරුවෙකු ලෙසිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණද මෙම ඝාතනය සාධාරණීකරණය කිරීම සඳහා මෙවැනිම ප්‍රකාශයක් සිදුකර තිබේ. යුද හමුදාපතිවරයා ද එය ප්‍රචාරය තමන්ගේ වට්ස්ඇප් ජාලය තුළ ප්‍රචාරය කර ඇති අතර එයින් පිටතටද ව්‍යාප්තවීම නිසා මෙම විවේචනය එල්ල වී ඇත.

Facebook
Twitter
LinkedIn