ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව බලා පුද්ගලයින් 162 දෙදෙනෙකු සමග ගමන් කරමින් තිබියදී පසුගිය දෙසැම්බර් 28 වැනිදා කඩා වැටුණු එයාර් ඒෂියා යානයේ කළු පෙට්ටිය මේ වනවිට සොයා ගෙන තිබේ. එහෙත් එම හඬ පටිගත වන උපකරණය මේතෙක් සොයා ගැනීමට සහන සේවා කණ්ඩායම්වලට හැකි වී නොමැති බව ඉන්දුනීසියා බලධාරීන් පවසයි.
අඩි 90කට වැඩි ගැඹුරු මුහුදේ තිබේ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබේ. මීට පෙර ගුවන් යානයේ කොටස් කිහිපයක් සොයා ගැනීමට හැකි වූ අතර ගුවන් යානය මුහුදට කඩා වැටීමෙන් පසුව විනාශ වන්නට ඇති බවට මේ වනවිට අනුමාන කරයි.
ගුවන් යානයේ කළු පෙට්ටියට බරපතල හානි සිදුවී නොමැති බවත් එහි දත්ත විශ්ලේෂණය කර දින දෙකක් තුළ වාර්තාවක් ලබා දීමට හැකි බවත් ඉන්දුනීසියා බලධාරීන් අවධාරණය කරයි.



Views: 0









