ස්ලාමීය සටන්කාමීන්ගේ තර්ජනය මේ වනවිට මැදපෙරදිගින් යුරෝපය දක්වා පැතිරීමේ අවධානමක් මතු කරමින් පසුගියදා ප්‍රංශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයයෙන් පුද්ගලයින් 17 ඝාතනයට ලක්විය. මෙම ප්‍රහාරය ප්‍රංශයේ ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් දින තුනක් තුළ එල්ල වූ අතර මේ වනවිට එම ප්රහාරයන්ට එරෙහිව ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතාවයක් දියත් වී තිබේ.
මෙම විරෝධතා සඳහා මිලියන 4කට අධික පිරිසක් සම්බන්ධ වී ඇති අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කස්, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, පලස්තීන ජනාධිපති මොහමුද් අබ්බාස් ඇතුළු රාජ්‍ය නායකයින් විශාල පිරිසක්ද ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකිමින් විරෝධතාවයට එක් වී තිබේ.
ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ප්‍රංශයේ පුරා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා අතිරේක හමුදා සාමාජිකයින් දසදහසක් යොදවා ඇති බව පැවසේ. ඊට අමතරව ප්‍රංශයේ ක්‍රියාත්මක යුදෙව් පාසල් ඉලක්ක කරමින් ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවධානමක් ඇති බැවින් එම පාසල්වල ආරක්ෂාව සඳහා හෙට සිට පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණය කර තිබේ.












