හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවත් ඒ හේතුවෙන් ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.
ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්රමුඛ රාජපක්ෂ පවුලට එල්ලවන දැඩි ජනතා විරෝධය හමුවේ පසුගියදා ඇමති මණ්ඩලය සමග මුදල් ඇමති ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂද ඉල්ලා අස්විය.
කොවිඩ් වෛරසයෙන් ආරක්ෂවීම සඳහා රාජපක්ෂ පවුලේ සමාජිකයින් පසුගිය කාලය පුරාවට දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබ තිබිණි. එහෙත් පසුගිය දිනවල සිට රාජපක්ෂ පවුල ප්රමුඛ ආණ්ඩුවට එල්ල වන ජනතා විරෝධය හමුවේ ඇමති නිල නිවාස, පරිවාරක රථ මෙන්ම ආරක්ෂක නිලධාරීන් නොමැතිව සැඟවුණු ජීවිත ගතකිරීමට සිදුව තිබෙන අතර එවැනි තත්වයක් හමුවේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂට කොවිඩ් ආසාදනය වීමද විශේෂත්වයකි.
Views: 0










