විදේශීය ශ්‍රී ලාංකිකයින් මුදල් එවීම ප්‍රතික්‍ෂේප කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරති !

විදේශීය ශ්‍රී ලාංකිකයින් මුදල් එවීම ප්‍රතික්‍ෂේප කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරති !

මේ වන විට 1948 නිදහසින් පසුව දැවැන්තම ආර්ථික අර්බුදයක සිර වී සිටින ශ්‍රී ලංකාව පිළිබඳව විදේශ මාධ්‍යවල දැඩි අවධානයක් යොමු වී ඇත. රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 51ක් වන අතර පසුගිය සතියේ පත් වූ නව මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල ලබා දෙන ලෙස ඉල්ලා ඇතත් එයට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවටත් එම පුවත්පත් වාර්තා කර සිටින්නේ ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ලබා දුන් ප්‍රතිචාර සැලකිල්ලට ගනිමිනි.

රට මුහුණ දී ඇති මෙම අවාසනාවන්ත තත්වය සලකා බලා ජර්මනියේ, මහා බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේ ගිණුම්වලට මුදල් ලබා දෙන ලෙස නව අධිපතිවරයා ඉල්ලා සිටි. මෙම ලබා දෙන මුදල් ආහාර, ඛණිජ තෙල් හා ඖෂධ මිලදී ගැනීමට පමණක් යොදා ගන්නා බවට සහතිකයක් ඔහු විදේශ මාධ්‍ය වෙත ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ඕස්ට්‍රේලියාවේ වෙසෙන නම හෙලි නොකළ වෛද්‍යවරයෙකු AFP මාධ්‍ය සේවයට පවසා ඇත්තේ “රටට මුදල් ලබා දිය යුතු බව අප පිලිගන්නවා එහෙත් පවතින දුෂිත රජයට මුදල් ලබාදීමට අප සුදානම් නෑ “යනුවෙනි.

කැනඩාවේ වෙසෙන පරිගණක ඉංජිනේරුවෙකු පවසනුයේ ඔවුන් ලබා දෙන මුදල් කර්යක්ෂකමව හා නිවැරිදිව යොදා ගනී යයි තමන් විශ්වාශ නොකරන බවයි. ” සුනාමිය සිදුවුන අවස්ථාවේදීත් දැන් බලයේ සිටින පාලකයා හා ඔහුගේ පවුල විසින් විදේශ රටවල ජනතාව ලබා දුන් මුදල් සොරකම් කරනු ලැබුවා” යයි පවසන්නේ මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන හෙද නිලධාරියෙකි.

මේ අනුව විදේශ මාධ්‍ය සඳහන් කර සිටිනුයේ බහුතරයක් විදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් පවතින රජයට මුදල් ලබා දීම ප්‍රතික්‍ෂේප කර ඇති බවයි. අවසාන වශයෙන් එම මාධ්‍ය අනතුරු හගවමින් සිටිනුයේ විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකිව හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ වර්ග හිඟ වීමෙන් තත්වය තවත් දරුණු වීමට ඉඩ ඇති බවත්ය.

ඒ අතර ඇතැම් විදේශ මාධ්‍ය පවසා සිටිනුයේ රට පුරා ඇති වෙමින් පවතින උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් රට පුර්ව විප්ලවීය අවධියක් වෙත ගමන් කරමින් සිටින බවයි. IMF උපදෙස් පිට පොලි අනුපාතය විශාල වශයෙන් ඉහල දැමීම හේතුවෙන් කුඩා හා මධ්‍යම සමාගම් වැසී යාම නිසා විශාල පිරිසකට රැකියා අහිමි වීමටත්, 2008 ඇමරිකාවේ හඹා ගිය නිවාස අර්බුදය සමාන තත්වයක්ද ඇතිවීමට ඉඩ තිබෙන ආර්ථික විශේෂඥයයන්ද මේ අතර අනතුරු හඟවා සිටිති.

Facebook
Twitter
LinkedIn