පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව පෙරලිකාරී අධිකරණ ක්‍රියාමාර්ගයක!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව පෙරලිකාරී අධිකරණ ක්‍රියාමාර්ගයක!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා 25,653ක් යටතේ පුද්ගලයින් 79 දෙනෙකුට එරෙහිව මහාධිකරණවල නඩු 27ක් පවරා ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න ප්‍රකාශ කර තිබේ.

ඔහු ඊයේ (12) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ. එම ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට 735 දෙනෙකු අත්තඩංගුවට ගෙන 196 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන් කර ඇත. අත්තඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 493 දෙනෙකු ඇප මත නිදහස් කර ඇති බවත් 29 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බවත් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළිකර තිබේ. ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පාස්කු ඉරුදින එල්ල කර මේ වසර 3ක් සම්පූර්ණවීමට ආසන්නව පවතිද්දී ආණ්ඩුව වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

Facebook
Twitter
LinkedIn