මොහාන් සමරනායකත් හොඳටම නා ගනී

මොහාන් සමරනායකත් හොඳටම නා ගනී

රට පුරා රජයේ රෝහල්වල මෙන්ම ඔසුසල්වලද බරපතල ඖෂධ හිඟයක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා පෙන්වා දී තිබියදී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක එය සාවද්‍ය පුවතක් බවට නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටින බවය.

සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී තිබෙන ප්‍රවෘත්තිය අවිචාරශීලිව බෙදාහැරියද ඖෂධ හිඟය මඟහරවා ගැනීමට පරිත්‍යාග ලබා දෙන ලෙසට විදේශයන්ගේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් පවා ඇමතිවරුන් මේ වනවිට ඉල්ලීම් කර තිබේ. එවැනි තත්වයක් තුළ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායකගේ අත්සනින් ඊයේ (12) “ඖෂධ හා ශල්‍ය උපකරණහිඟයක් නෑ – සෞඛ්‍ය අමාත්‍යංශය කියයි” යන සිරස්තලයෙන් නිකුත් කර තිබෙන නිවේදනය දැඩි දෝෂදර්ශණයට ලක්වී තිබේ.

Facebook
Twitter
LinkedIn