ධාවන ශූර සුගත් තිලකරත්නට ආණ්ඩුවේ මැරයින්ගෙන් තර්ජනය

ධාවන ශූර සුගත් තිලකරත්නට ආණ්ඩුවේ මැරයින්ගෙන් තර්ජනය

ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් මෙන්ම ගෞරවයක් දිනා දුන් විශ්ෂිඨ ක්‍රීඩකයෙකු වන ධාවන ශූර සුගත් තිලකරත්නට ආණ්ඩුවේ මැර පිරිසක් විසින් තර්ජනය කර බේ.

අද (09) සුගත් තිලකරත්න තම රාජකාරිය සදහා යන අවස්ථාවේ කොලොන්නාව තෙල් සංස්ථා පරිශ්‍රයේදී අදාළ සිදුවීම සිදුවී ඇති අතර එහිදී ඔහුට බැනවැදී මැර තර්ජන එල්ලකර තිබේ.

එම මැර පිරිස මෙලෙස තර්ජනය කර ඇත්තේ පසුගියදා නිදහස් චතුරශ්‍රයේදී පැවති ආණ්ඩුවට එරෙහි විරෝධතාවයට සහභාගී වෙමින් මත දැක්වීමක් සම්බන්ධයෙන් උරණ වෙමිණි. ධාවන ශූර සුගත් තිලකරත්නට මේ සම්බන්ෂයෙන් ඉදිරියේදී වන්දි ගෙවීමට සිදුවන බවද එම මැරයින් පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් ධාවන ශූර සුගත් තිලකරත්න නීතීඥ සුනිල් වටගලගේ නීති උපදෙස් මත වැල්ලම්පිටිය පොලිස්ථානයට පැමිණිල්ලක්ද ගොස් කර තිබේ.

මේ වනවිටත් ශ්‍රී ලංකාවේ මීටර් 400 ඉසව්වේ ජාතික වාර්තාව උසුලන්නේ සුගත් තිලකරත්න වන අතර ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙකද වේ. ඔහු උක්ත විරෝෂතාවය සඳහා සහභාගී වී සිටි ඇත්තේ ක්‍රීඩාව හා සබැඳී පිරිස් සමඟය.

සුගත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ගෙන දුන් ක්‍රීඩකයෙක් වන අතර ඔහු ඔලිම්පික් තරගය නියෝජනය කරමින් එවකට මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාලාභියා වූ මයිකල් ජොන්සන් පළමු වටයේදී පරාජයට පත් කරමින් ලෝකයේම දෑස් ශ්‍රී ලංකාව දෙසට හරවන්නට සමත් වූ අයෙකි.

Facebook
Twitter
LinkedIn