ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට ඊයේ (31) රාත්‍රියේ උද්ගෝෂණයේ යෙදුණු පිරිස අන්තවාදීන් ලෙස හඳුන්වා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ අවධාරණය කර ඇත්තේ “යකඩ මුගුරු, කැති, පොලු රැගත්” කණ්ඩායමක් උද්ගෝෂණය කළ බවත් ඔවුන් අන්තවාදීන් බවත් ය. එහෙත් එම උද්ගෝෂනය ආරම්භයේ සිට සැලකිය යුතු වෙලාවක් ගත වන තුරු උද්ගෝෂකයන් සාමකාමීව උද්ගෝෂනයේ යෙදුණු අතර කැරලි මර්දන ඒකකය විසින් එල්ල කළ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් යම් නොසන්සන්සුන් තත්වයක් උද්ගත වූවත් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන ආකාරයේ යකඩ මුගුරු, කැති, පොලු රැගත් පිරිසක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශනය කළ වීඩීයෝවලින් හෙළි නොවීය.
නමුත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සංවිධානාත්මක අන්තවාදීන් මෙම උද්ගෝෂනය සිදු කළ බවය.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය











