මේ වනවිට පවතින ඉන්ධන නොමැතිකම සහ ජලාශ හිඳී යාමේ තත්වය දිගටම පැවතියහොත් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ විදුලිය කප්පාදු කිරීමේ කාලය තවත් දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර පවසයි.
මේ වනවිට ඉන්ධන පිරවුම්හල් වසා දමමික් තිබීමත්, ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වලින් දිනදෙකකට ඩීසල් නිකුත් නොකරණ බව නිල වශයෙන් ප්‍රකාශ කිරිමත් තුළ විදුලි අර්බුදය තවත් තීව්‍ර වී ඇත. විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා සඳහන් කර තිබෙන පරිදි මේ වනවිට ක්‍රියාත්මක වන පැය 10ක විදුලි කප්පාදුව ඉදිරියේදී තවත් දීර්ඝ කෙරෙණ බව තහවුරු වේ.
0










