මධ්‍යය ජනතාවට මානසික ආතතියක් ඇති කරනවා – කෙහෙළිය

මධ්‍යය ජනතාවට මානසික ආතතියක් ඇති කරනවා – කෙහෙළිය

ජනතාව පීඩා විඳින ඉතාමත් අපහසු කාල වකවානුවක් මේ වනවිට ගත වෙමින් තිබෙන බවත් එම අවස්ථාවේ පවතින පීඩනයට අමතරව තවත් පීඩනයක් ඇති කර ජනතාව තුළ මානසික ආතතියක් ඇති නොකරන ලෙස තමන් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පසුගිදා ගලගෙදර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,

“ඇතැම් මාධ්‍ය එකම ඉන්ධන පෝලිම හත් අට වතාවක් පෙන්වමින් රටේ මහා භයානක තත්වයක් ඇති බව පෙන්වීමට උත්සාහ කරනවා. කොවිඩ් තත්වයත් සමග දෛනික ජීවන රටාවේ සිදු වූ වෙනස්කම් විඳ දරා ගැනීමට නොහැකිව ලෝකයේ සෑම රටකම විශාල ජන පිරිසක් මානසික සෞඛ්‍යය පිළිබඳ ගැටළුවලින් පීඩා විඳිනවා.

රටක් ලෙස අපි මේ පිළිබඳව මෙතෙක් වැඩි අවධානයක් යොමු නොකළත් මේ වනවිට ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර ක්‍රියා කරමින් සිටිනවා.

මාධ්‍ය මඟින් ඉදිරිපත් කරන දේවල් ජාත්‍යන්තර මට්ටම දක්වා ගමන් කරනවා. එය මේ රටට අහිතකර ලෙස බලපෑ හැකියි. විශේෂයෙන් ජාත්‍යන්තර ආයෝජන අඩු වීමටත් එය බලපා හැකියි.

පවතින අර්බුදය ආණ්ඩු මාරුවක් තුළින් විසඳුම් ලබාගත හැකි තත්වයක් නොපවතින බව ප්‍රධාන පක්ෂ තේරුම්ගෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීම හොඳ ප්‍රවණතාවයක්. ජනාධිපතිතුමාද එය කැඳවූයේ ඉතාම යහපත් සිතින්. නමුත් පවතින අර්බුදය වාසියක් කරගෙන ආණ්ඩු ගන්න බලා සිටින පිරිසක් පමණක් ඊට සහභාගී වුණේ නැහැ” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්