තවත් ඉන්ධන පෝලිම් මරණයක්

තවත් ඉන්ධන පෝලිම් මරණයක්

අතුරුගිරිය නගරයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණ 85 හැවිරිදි වයෝවෘධ පුද්ගලයෙක් පෝලිමේ සිටියදී මරණයට පත්ව තිබේ.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය 26 වනදාය.

මෙලෙස මියගොස් ඇත්තේ අතුරුගිරිය, පෝරේ, ගල්පොත්ත පාරේ පදිංචි එම්. ජිනදාස පෙරේරා නමැති පුද්ගලයකි.

වෑන් රථයකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි අදාළ පුද්ගලයා ඉන්ධන පෝලිමේ සිට ඇත්තේ තමන්ගේ වාරය එනතුරුය. එසේ සිටියදී ඉන්ධන ලබා ගැනීමට ආසන්නව තෙවෙනිසා වෙන තෙක් සිටි ඇති ඔහු ඉන්ධන ලබා ගැනීමට පෙර රෝගාතුරවී අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට රැගෙන ලොස් ඇත. ඒ යනවිටත් ඔහු මියගොස් සිට ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා හෘද රෝගයකින් පෙළන්නෙකු බවද අනාවරණය කර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Facebook
Twitter
LinkedIn