පස්වන බිම්ස්ටෙක් සමුළුව අද (28) කොළඹ දී ආරම්භවීමට නියමිතය.
බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සමුළුව පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කrhs.
ඒ අනුව බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ අමාත්‍ය මණ්ඩල රැස්වීමට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරුන් සහභාගි වීමට නියමිතය. සැසිවාරයේ ප්‍රධානත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොඹවන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
රාජ්‍ය නායක සැසිවාරයට පෙර සමාජික රටවල් වල අමාත්‍යවරුන් සහ නියෝජිතයින් විසින් බිම්ස්ටෙක් හි ප්‍රගතිය පිළිබඳව කලාපීය කණ්ඩායමක් ලෙස සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තා වේ.
මෙහිදි බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද අපේක්ෂා කරන අතර කලාපීය ගැටලු පිළිබඳ අවධානය යොමුකිරිමට නියමිතව තිබේ.
ලබන 30 වන දින දක්වා මෙම සමුළුව පැවැත් වේ.









