කජිමා වත්තේ ගින්නක් – නිවාස 23 අළුවෙයි

කජිමා වත්තේ ගින්නක් – නිවාස 23 අළුවෙයි

ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාර, කජිමා වත්තේ ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගින්නකින් නිවාස 23ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය පවසයි.

එම ගින්නෙන් දෙදෙනකු සුළු තුවාල ලබා ඇත.

ගින්න නිවීම සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ පහක් යොදාගත් බවත්, ගිනි නිවන රථ ගින්න ඇතිවූ නිවාස පෙළ අසලට ළඟාවීම සඳහා නිවාස කීපයක් කඩා දැමීමට සිදු වූ බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

ගින්නට හේතුව නිශ්චිත ලෙස මෙතෙක් අනාවරණය නොවන බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn