අදත් පැය 06කට වැඩි විදුලි කප්පාදුවක්

අදත් පැය 06කට වැඩි විදුලි කප්පාදුවක්

අද (25) දිනයේත් පැය 06කට අධික විදුලි කප්පාදුවක් සිදු කිරිම සදහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත අවසර ලබාදී තිබේ.

ඒ අනුව P,Q,R,S,T,U,V,W දක්වා වූ කලාප 08 සදහා අද දිනයේත් පැය 06යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

ඒ පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 04යි මිනිත්තු 30ක කාලයක් සහ පස්වරු 05.30 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි මිනිත්තු 50ක කාලයක් ලෙසය.

ඊට අමතරව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා වූ කලාප 12 සදහා අද දිනයේත් පැය 05ක විදුලි කප්පාදුවක් සිදු කිරිමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අදාල කලාපවලට පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

Facebook
Twitter
LinkedIn