වාහන ආනයනය නතර කර තිබියදිත් 27,000ක් ගෙන්නලා

වාහන ආනයනය නතර කර තිබියදිත් 27,000ක් ගෙන්නලා

රටේ ඩොලර් සංචිතය හීනවීම නිසා මෙරටට වාහන ආනයනය සීමා කර තිබියදීත් ගිය වසරේ පළමු මාස අටක කාලයේ වාහන 26,953ක් ආනයනය කර ඇති අතර එම කාලයේ වාහන 22,779ක් ලියාපදිංචි කර තිබු බවද මුදල් අමාත්‍යංශය මැතක දී නිකුත් කරන ලද වාර්තා වේ සඳහන් කර ඇත.

මෙම කාලය තුළ මෝටර් රථ 72ක් බස් රථ 04ක් ත්‍රිරේද රථ 2,002ක් යතුරු පැදි 1,110ක් ලොරි රථ ඇතුළු භාණ්ඩ ප්‍රවාහන රථ 1,744ක් ඉඩම් වාහන 12,877ක්, ද්විත්ව කාර්ය වාහන 9,144ක් ආනයනය කරන ලද බව එම වාර්තාවේ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙලෙස වාහන ආනයන නතර කිරීමෙන් ආනයන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 49.1කින් අඩුවී ඇතැයිද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

ගිය වසරේ පළමු මාස අටක කාලය තුළදී මෙම ආදායම අහිමි වීම සිදු වි ඇති බව ගණන් බලා ඇත.

Facebook
Twitter
LinkedIn