රට විනාශයට ඇද දැමූ සුල මුල මෙන්න…

රට විනාශයට ඇද දැමූ සුල මුල මෙන්න…

මේ වනවිට රට තුළ උද්ගතවී තිබෙන අතිශය බරපතල විදේශ විනිමය අර්බුදයට මූලික හේතුව 2010දී මහින්ද රාජපක්ෂ මුදල් ඇමති සහ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ඇතුළු දේශපාලන නායකයින් සහ නිලධාරීන් ගන්නාලද තීරණ බව 2010 මහබැංකු වාර්තාවේන් අනාවරණය වේ.

මේ අතර ප්‍රමුඛ වී තිබෙන්නේ අයවැය හිගය පියවීමට විදේශීය වාණිජ ණය විශාල වශයෙන් ලබාගැනීමය. ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීම සහ වෙනත් වාණිජ ණය මේ අතර මූලික වී ඇත. මේ වනවිට විදේශීය ණය ගෙවීම අතිශය බරපතල අර්බුදයක් බවට පත්වීම සහ විදේශ සංචිත විශාල වශයෙන් බිඳවැටීමත් රට තුළ ඉතිහාසයේ බරපතලම විදේශ විනිමය අර්බුදය නිර්මාණය වීමත් සිදු වී ඇත්තේ එදා අනුගමණය කළ ආර්ථික ක්‍රියාමාර්ග නිසා බව මෙම වාර්තාවෙන් හෙළි වේ.

ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කරන ලද 2010 වාර්ශික වාර්තාවෙන් මේ බව තහවුරු කෙරෙන කරුණු රැසක් ඇතුළත්ය. වාහන ආනයනය මත පනවා තිබූ බදු අඩු කිරීම මගින් විශාල වශයෙන් ආනයන දිරිගන්වා ඒ මගින් තීරුබදු ඇතුළු බදු වර්ග ගණනාවක් තුළින් රජයේ ආදායම වැඩිකරගැනීම හේතුවී ඇත. මේ වනවිට ඖෂධ බන්ධන ඇතුළු අත්‍යාවශ්‍යම ආනයන සඳහා විදේශ විනිමය අහිමි වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස බව සනාථ වේ.

Facebook
Twitter
LinkedIn