විමල්ට – උදයට MSD ආරක්ෂාව දිගටම

විමල්ට – උදයට MSD ආරක්ෂාව දිගටම

ආණ්ඩුවේ ඇමති තනතුරුවලින් ඉවත් කරන ලද විමල් වීරවංස සහ උදය ගම්මන්පිල ගම්මන්පිල යන හිටපු ඇමතිවරු දෙදෙනාට ලබා දී තිබූ ඇමති ආරක්ෂාව සහ එම ආරක්ෂාවට යොදවා තිබූ රථවාහන ආපසු බාර දී නැති බවත් එම ආරක්ෂාව දිගින් දිගටම එම දෙදෙනා විසින් භාවිතා කරමින් සිටින බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ ආරක්ෂාවේ වෙනසක් කිරීමට මෙතෙක් කිසිදු උපදෙසක් ලැබී නැති බවය.

සාමාන්‍යයෙන් ඇමැතිවරයකුට නිල බලයෙන් හිමිවන ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් 07 දෙනෙකු ලැබේ.

හිටපු කර්මාන්ත ඇමති විමල් වීරවංස සහ හිටපු බලශක්ති ඇමති උදය ගම්මන්පිල, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය තුන්වැනිදා එම ඇමැති තනතුරුවලින් ඉවත් කරන ලදී.

මූළාශ්‍ර ලංකාදීප

Facebook
Twitter
LinkedIn