හමුදා බුද්ධි අංශයේ ඇතමෙක් කප්පම් ගනියි…

හමුදා බුද්ධි අංශයේ ඇතමෙක් කප්පම් ගනියි…

යුධ හමුදා බුද්ධි අංශයේ සිව් දෙනෙකු නිට්ටඹුව ප්‍රදේශයේ නීතී විරෝධී මත්පැන් නිෂාපදකයින්ගෙන් කප්පම් ගැනීමේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම පසුගිය 02දා රාත්‍රියේ නිට්ටඹුව පොලීසියි විසින් සිදු කර ඇත. වලාන දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මොවුන් කප්පම් ලබාගෙන තිබේ. මෙම සිවුදෙනා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 141වෙනි බලසේනාංක මූලස්ථානයට අයත් බුද්ධි අංශයේ අයවලුන් බව තහවරුකරගෙන ඇත.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර බුද්ධි අංශ සාමාජිකයන් විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වමින් අත්අඩංගුවට ගැනීම් සිදු කළ අවස්ථාවලදී එවකට විපක්ෂයේ සිටි වර්තමාන මැති ඇමතිවරු “බුද්ධි අංශ දඩයම් කරනවා” යනුවෙන් චෝදනා නැගීය.

මේ අතර ආරක්ෂ අංශ ආරංචිමාර්ගවලින් මෙයට පෙර විවිධ අවස්ථාවලදී තහවුරු කර තිබුණේ මෙම ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව විවිධ කණ්ඩායම් ආරක්ෂක අංශවල මුවාවෙන් අපරාධ කිරීම් ඉහළ යන බවය.

Facebook
Twitter
LinkedIn