තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් නොවෙන නමුත් ඇමති ධුරයේ කටයුතු කරන්නේ නැතැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසීය.
ඔහු මේ බව පැවසූවේ අද (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිණි.
එහිදී ඔහු පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසට සාධාරණයක් ඉටුකරන තුරු තම අමාත්‍යධුරයේ කටයුතු ඉටු කිරීමෙන් වළකින බවය.
මාධ්‍යවේදීයා – අද අමාත්‍ය ධුරයෙන් ඉවත් වනවාද ?
පිළිතුර – නැහැ, මම අමාත්‍ය ධුරයේ කටයුතුවලින් ඉවත් වෙනවා. අමාත්‍ය ධුරයේ කටයුතුවල නිරත වෙන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයට යන්නේ නැහැ. මම ඉල්ලනවා මේ වැරදී තීරණය ගැන යුක්තියක්…
මාධ්‍යවේදීයා – මේ බල අරගලය නිසා ජනතාවගේ පඩි ගන්න, අමාත්‍ය ධුරයේ වැඩ කරන්නේ නැහැ කියන එක හරිදි ඇමතිතුමා ?
පිළිතුර – ඕනේ නම් පඩියත් නොගෙන ඉන්න පුලුවන්. මගේ මන්ත්‍රි පඩිය ඇති. මගේ මන්ත්‍රි පඩියෙන් මට යැපෙන්න පුලුවන්.









