ජනාධිපති මන්දිරය තුළ සාකච්ඡාවක යෙදී සිටින අතරතුර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ රතන හිමි එහි පැමිණ තමන් පැහැරගෙන ගිය බව වේදෙනිගම විමලතිස්ස හිමි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
මෙම පැහැරගැනීම 2020 අගෝස්තු මාසයේ 16 දින සිදු කළ බවත් ඉන් පසුව ර ඳවාගෙන සිටිමින් තමන්වහන්සේගේ නායක හාමුදුරුවන් වහන්සේට විවිධ බලපෑම් සිදු කළ බවටද චෝදනා කරයි. නමුත් සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳා ගනිමින් ක්‍රියා කිරීමට අදහස් කළ නිසා ඒ කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ බවද මෙම හිමියන් හෙළි කර තිබේ.
මෙම හාමුදුරුවන් වහන්සේ කරන චෝදනාව අනුව ජනාධිපති මන්දිරය තුළ සාකච්ඡා කරමින් සිටින භික්ෂූන් වහන්සේ නමක් පැහැරගෙන යාමට තරම් දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයා බලවත් වී ඇති බව සනාත වෙයි.
https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2Flankatruthofficial%2Fvideos%2F255218916804519%2F&show_text=false&width=560&t=0
2









