තවත් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වරු දෛනෙක් පත් කරයි…

තවත් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වරු දෛනෙක් පත් කරයි…

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු දෙදෙනෙකු පත් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කේ.ජේ විජේසිරි පත් කර ඇති අතර. උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කරාබු නැටි, බුලත් ඇතුළු වැවිළි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස එස්.ඩී පඬිකෝරාල පත් කර තිබේ.

අංක 2269/19 දරන ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත.

Facebook
Twitter
LinkedIn