කුරුණෑගල නගරාධිපතිගේ ආණ්දෝලනාත්මක ඉදිකිරීමට රු. කෝටි 42ක් ඉල්ලූ යෝජනාව වැඩි ඡන්දයෙන් පරදියි…

කුරුණෑගල නගරාධිපතිගේ ආණ්දෝලනාත්මක ඉදිකිරීමට රු. කෝටි 42ක් ඉල්ලූ යෝජනාව වැඩි ඡන්දයෙන් පරදියි…

කුරුණෑගල නගර සභාව විසින් නීතිවි රෝධී අයුරින් ඉදිකරමින් පවතින මධ්‍යම වෙළඳපොළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා ඇස්තමේන්තු ගත මුදල අවසන්වීම හේතුවෙන් තවත් රුපියල් කෝටි 42ක් ඉල්ලා සභාවට නගරාධිපති තුෂාර සංජීව විසින් සභාවට ඉදිරිපත් කර තිබූ යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ.

දේශීය ණයක් මගින් ඉදිකරණ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා නගරසභාවේ ඉංජිනේරුවරුන්ගේ ඇස්තමේන්තුව වී ඇත්තේ රුපියල් කෝටි 69කි. එහෙත් ටෙන්ඩර් පටිපාටියද උල්ලංඝණය කරමින් රුපියල් කෝටි 105ක ඇස්තමේන්තුවකට එම ගොඩනැගිල්ල ඉදි කිරීමට වෙනත් පුද්ගලික ඉදිකිරීම් ආයතනයක් වෙත් ලබා දී ඇත.

මේ වනවිට එම රුපියල් කෝටි 105ද අවසන් වීමෙන් ඉතිරි ඉදිකිරිම් සඳහා මෙලෙස රුපියල් කෝටි 42ක් ඉල්ලා තිබේ. එම රුපියල් කෝටි 42න්ද කෝටි 20ක්ම ඉල්ලා ඇත්තේ අවිනිස්චිත වියදම් ලෙසය.

ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී රණුක සංජය සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නිස්චිත සැලසුමක්ද නැති බැවින් ඉදිකිරීම හිතුමතේ සිදුවන බවයි. මෙම ඉදිරිකිරීම පාදක කරගෙන මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුඩු දෙකක්ද ගොනුකර ඇතැයි ඔහු පවසයි.

කෙසේ වෙතත් මෙම රුපියල් කෝටි 42 අනුමත කිරීමට නගරාධිපති තුෂාර සංජීව ගෙනා යෝජනාව වැඩි ඡන්ද 06කින් පරාජයට පත්වී තිබේ.

එම යෝජනාවට විරුද්ධව, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා, පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හත්දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු සිය ඡන්දය භාවිතා කර ඇත.

පක්ෂව ඡන්ද 07ක් ලැබී ඇති අතර එයට විරුද්ධව ඡන්ද 13ක් ලැබී තිබේ.

Facebook
Twitter
LinkedIn