විදුලි අර්බුදය ආවේ ඉන්ජිනේරුවන්ගේ වරදින්

මේ දිනවල පවතින විදුලි අර්බුදයට හේතුව විදුලි ඉන්ජිනේරුවන් ඩීසල්වලින් විදුලිය නිපදවීමේ අක්‍රමවත් ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම නිසා යැයි අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.

කාලයක් තිස්සේ ඉන්ධනවලින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදය නිසා භයානක ලෙස විදුලි අර්බුදයක් මතුව ඇති බවත් ඔහු සඳහන් කරයි. ඉන්ධන පිරිමැසිය යුතු බවත් සූර්ය තාපයෙන් විදුලිය නිපදවීම වහා ආරම්භ කළ යුතු බවත් ඇමතිවරයා කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන,

“කවදාවත් බලාපොරොත්තු නොවුනු වසංගතයක් ලොව වෙලාගෙන ඉන්නවා. පොහොසත් රටවල් පවා මහා අර්බුදයකට මුහුණ දීලා. ජනාධිපතිතුමා ඇතුළු රජය මේ වෙලාවෙ බැලුවෙ, පළමුවෙන්ම ජන ජීවිත ආරක්ෂා කරගන්න. ඒ අතරෙ රුසියාව ගැටුමකට මැදිවෙලා.

ඒ නිසා ලෝක තෙල් මිල තවත් ඉහළ නගිනවා. අපි තෙල් නිපදවන රටක් නොවේ. අපි පුළුවන් විදියට තෙල් පිරිමසා ගම්මු. ගමන් බිමන්වලදි වුනත් අපිට තෙල් පිරිමහගන්න පුළුවන් වෙන විදියට ජීවිතයේ කටයුතු හැඩගස්වා ගනිමු.

රටේ පුළුවන් දේ රටේම, නිපදවා ගනිමු. අපිට නිවස සඳහා සූර්ය තාපයෙන්, සූර්ය පැනල හරහා විදුලිය නිපදවා ගත හැකියි. අතිරික්තයක් තිබුණොත් අහළ පහළ ගෙවල් සඳහා අලෙවි කරන්න පුළුවන්.

අනික මේ සියලු අර්බුද මැද ඉතා ප්‍රවේශමෙන් අනාගතයට මුහුණ දෙන්න වෙනවා. අතට සල්ලි හම්බවුනාම සියල්ල වියදම් නොකර ඉතිරි කර ගන්න.”

Facebook
Twitter
LinkedIn