රණවිරුවෙකු යැයි කියාගත් අයෙකු තවත් NPP සභාවකට බාධාකරයි…

රණවිරුවෙකු යැයි කියාගත් අයෙකු තවත් NPP සභාවකට බාධාකරයි…

ජාතික ජන බලවේගයේ මීරිගම කැටකාල කොට්ඨාස සභාව පිහිටුවීමේ හමුව කඩාකප්පල් කිරිමට පැමිණ සිටි රණවිරුවෙකු යැයි කියාගත් පුද්ගලයෙකු එම ස්ථානයෙන් ඉවත් කරීමට පොලිසිය කටයුතු කර තබේ. එම පුද්ගලයාගේ ක්‍රියාකලාපයට, පැමිණ සිටි අයගේ විරෝධය එල්ලවීම නිසා පොලිසිය මැදිහත් වී තිබේ.

මෙවැනි කඩාකප්පල් කාරී ක්‍රියාවලින් ජාතික ජන බලවේගයේ ගමන් මඟ නැවැත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සභාව අමතමින් සිටියදී රණවිරුවෙකු යැයි කියාගත් පුද්ගලයා නැගී සිට දිගින් දිගටම මන්ත්‍රීවරයාගේ කතාවට බාධා කර තිබේ. ඒ අවස්ථාවේදී ඔහුට ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති නමුත් තමන් රණවිරුවෙකු බව ප්‍රකාශ කරමින් අදාල ප්‍රශ්න කිසිවක් ඉදිරිපත් නොකර දිගින් දිගටම බාධා එල්ල කර ඇත.

අදාළ පුද්ගලයා කුමන්ත්‍රණකාරී පිරිසක් විසින් සැලසුම් සහගතව එවා ඇති බවට සැක කරන බව සංවිධායකයෝ පවසති. මීට පෙර ද ගම්පහ පැවැති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට ඇවන්ගාඩ් ආයතනයේ සේවය කළ හමුදා සේවයේ සිටි පිරිසක් බිත්තර ප්‍රහාරයක් එල්ල කරන ලදී. ඒ සම්බන්ධයෙන් තවමත් නිසිලෙස නීතිය ක්‍රියාත්මක කර නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්