විදුලි අර්බුදයෙන් වතුරත් නැතිවෙයි

විදුලි අර්බුදයෙන් වතුරත් නැතිවෙයි

විදුලිය විසන්ධි වීමත් සමග ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වූ බවත් විදුලිය විසන්ධි වී පැයක පමණ කාලයක් ගතවනවිට අඩු පීඩනයකින් ජලය ලැබුනු බවත් ඉන් පසු ජලය සම්පූර්ණයෙන්ම නොලැබි ගිය බවත් ජනතාව චෝදනා කරති.

විදුලිය විසන්ධි වූ ඊයේ (22) සහ පෙරේදා (21) යන දෙදින තුළම ජල සැපයුමට මේ ආකාරයෙන් බාධා වූ බවත් ජනතාව පවසති.

අඹතලේ සහ බියගම පිහිටි ප්‍රධාන ජල පිරිපහදු මධ්‍යස්ථාන සඳහා පැය 24 තුළම අඛණ්ඩව විදුලිය ලබා දෙන වෙනම විදුලි සම්බන්ධතාවයක් ක්‍රියාත්මක බැවින් කොළඹ බොහෝ ප්‍රදේශවල ජල සැපයුමට බාධාවක් ඇති නොවන බව මේ සම්බන්දයෙන් කළ විමසීමකදී ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් පෙරේරා පවසයි.

ප්‍රධාන ජල පිරිපහදු මධ්‍යස්ථාන සඳහා පැය දෙකකට අධික කාළයක් අඛණ්ඩව විදුලි සැපයුම නොලැබී ගියහොත් ජල සැපයුමට බාධා ඇති විය හැකි බවද බවත් නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn