පුවත්පත් කලාවට නවමු විප්ලවීය ප්‍රවේශයක් එක් කළ අද්විතීය පුවත්පත් කලාවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය.
ඔහු 1960 මැද භාගයේ ලේකහවුස් ආයතනයෙන් මාධ්‍ය ජීවිතය ඇරඹූ අතර ජාත්‍යන්තර පාඨමාලාද හදාරා රැඩිකල් මාධ්‍ය භාවිතයක් ප්‍රකඨ කර තිබිණි. දිවයින් පුවත්පත ආරම්භයේදීම දයාසේන ගුණසිංහ සහ එඩ්මන් රණසිංහ සමග එක් වී මෙරට සාම්ප්‍රදායික පුවත්පත් කලාව දැඩි පරිවර්තනයකට යොමු කළේය.
දිවයින පුවත්පතට “08වෙනි පිටුව” යන නමින් තරුණ පරපුර ඉලක්ක කරගත් රැඩිකල් මාධ්‍ය භාවිතයකට යොමු විය.
දිවයින පුවත්පතෙන් පසු ලක්මින, ලක්දිව සහ හිරු පුවත්පත්වල ප්‍රධාන කර්තෘ වශයෙන් තවදුරටත් ඔහුගේ රැඩිකල් මාධ්‍ය භාවිතය ඉදිරියට ගෙන ගියේය.
ඊට අමතරව සාහිත්‍යකරුවෙකු වශයෙන් හඬනු මැන නිදහස, ඇමරිකා ඇමරිකා, කැරොලිනාගේ දිනපොත සහ මොහොමඩ් අලී ඇතුළු පොත් කිහිපයක් පරිවර්තනය කර තිබේ. මේ සියල්ල අතරින් වඩාත් ජනප්‍රිය වී තිබුණේ සත්‍යවාදියෙකුගේ දිනපොතය. සුනිල් මාධ්යවගේ චරිතය කේන්ද්‍රගත කර ගනිමින් දයාසේන ගුණසිංහයන් විසින් අවියක් නැති සෙනෙවියා යන නමින් කෙටි කතාවක්ද නිර්මාණය කර තිබේ.
සුනිල් මාධව ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ නිම්වලල්ල යන නමින් චිත්‍රපට තිර පිටපතක් ලියූ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ඩී රංජිත් කුමාර ඇතුළු ශිෂ්‍ය පිරිසක් සමග එක් වී එය චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර තිබිණි.










