වෑඋඩ රජයේ උළු කම්හලත් විකුණයි…

වෑඋඩ රජයේ උළු කම්හලත් විකුණයි…

ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය සතු වෑඋඩ උළු කර්මාන්ත ශාලාව පෞද්ගලික ආයෝජකයෙකු මඟින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මාවතගම ප්‍රදේශයේ පිහිටි මෙම උළු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුව හේතුවෙන් 2010 වර්ෂයේ දී එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇත.

ඉන් පසුව නාවික හමුදාව විසින් අනුරාධපුර සඳහිරු සෑය සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා එම උළු කර්මාන්ත ශාලාව භාවිත කර ඇතත් එයද 2017න් පසුව නවතා දමා තිබේ

ඒ හේතුවෙන් අක්කර 09කට අධික වසරියක් පුරා පිහිටි වෑඋඩ කර්මාන්ත ශාලාව මැටි ආශ්‍රිත කර්මාන්තයක් ආරම්භ කර පවත්වාගෙන යෑමට උනන්දුවක් ඇති ආයෝජකයෙකු වෙත බදු පදනම මත ලබාදීමට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්