වතුකම්කරුවන්ට දැන් 2000ක් දෙන්න ඕනෑ – විජිත හේරත්

වතුකම්කරුවන්ට දැන් 2000ක් දෙන්න ඕනෑ – විජිත හේරත්

පවතින ජීවන වියදම් ඉහළ යාම හමුවේ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප දැන් රුපියල් 2000ක් වත් කළ යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (22) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

වර්තමාන ආණ්ඩුව මෙන්ම පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයාද වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් කරන බවට පොරොන්දු දුන්නද එය මේ දක්වා ඉටු කර නැති බව පෙන්වා දුන්නේය. වතුකම්කරුවන්ට ලබා දුන් එම පොරොන්දුව ඉටු කරණවා වෙනුවට උපක්‍රම ශීලීව සාප්පු හා කාර්යාල සේවක පනත යොදාගනිමින් එම දෛනික වැටුප ලබාදීම පිළිබඳව යෝජනාව ආණ්ඩුව ගෙනවිත් තිබෙන බවත් එනිසා එයට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවරා ඇති බවත් සඳහන් කළේය.

මෙම නඩු අවසන් වීමට තව වසර කිහිපයක් ගතවනු ඇති බැවින් වතු කම්කරුවන් දැඩි අසීරුතාවයකට පත්වනු ඇතැයි පෙන්වා දුන්නේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්