පාස්කු ප්‍රහාරයට අදාළව සාධාරණය ඉටු කිරීම වත්මන ආණ්ඩුව විහිළුවක් කරලා…

පාස්කු ප්‍රහාරයට අදාළව සාධාරණය ඉටු කිරීම වත්මන ආණ්ඩුව විහිළුවක් කරලා…

වත්මන් රජය හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පාස්කු ප්‍රහාරයට අදාළව සාධාරණයක් ඉටුවෙතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් පාස්කු ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකළ රාජ්‍ය නායකයන් සහ උසස් නිලධාරීන් ආරක්ෂා කර උසස්වීම් ලබාදෙමින් වත්මන් රජය එය විහිළුවක් කර ඇති බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.

වත්මන් රජය තමන්ට දුන් පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කර නැති බවත් ඉදිරියේදී පත්වන රජයකින් හෝ යුක්තිය ඉටුවන තුරු තමන්වහන්සේ බලාසිටින බවත් කාදිනල්තුමෝ කියති.

උන්වහන්සේ මේ බව පැවසූවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (19) පැවති, පාස්කු ප්‍රහාරයට අදාල සියලුම කොමිෂන් වාර්තා සමීක්ෂණය කර ජාතික කතෝලික ජන සන්නිවේදන කොමිසම විසින් සම්පාදනය කරන ලද “තිත” නම් ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථා වට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

ශ්‍රී ලංකා රදගුරු රදගුරු මණ්ඩලයේ සභාපති දේව ධර්මාචාරය වින්ස්ටන් ප්‍රනාන්දු අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකෙරිණි.

පාස්කු දින ප්‍රහාරයට වසර තුනක් පමණ ගතව ඇතත් ඒ වෙනුවෙන් යුක්තිය ඉටුවූ බවක් පිළිගත නොහැකි බව කී කොළඹ අගරදගුරුතුමෝ මේ සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති සාක්ෂිද රජය සහ නීතිපතිවරයා විසින් සඟවා ඇතැයි පැවසූහ.

නීතිපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම හේතුවෙන් යුක්තිය ඉටුනොවන තත්වයකට පත්ව ඇතැයිද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

Facebook
Twitter
LinkedIn